ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා සහ පාකිස්තානයේ ඉහළ පෙළේ බලධාරීන් අතර විශේෂ දුරකථන සංවාදයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහිදී ඉරාන විදේශ අමාත්‍යවරයා පාකිස්තාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය ඉෂාක් ඩාර් සහ පාකිස්තාන හමුදා අණදෙන නිලධාරී ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් යන මහත්වරුන් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
කලාපීය ආරක්ෂාව, වර්තමාන යුදමය වාතාවරණය හමුවේ සටන් විරාමයකට ඇති ඉඩකඩ සහ කලාපීය වශයෙන් පවතින විවිධ ගැටලු පිළිබඳව මෙම සංවාදයේදී දීර්ඝ වශයෙන් අවධානය යොමු වී ඇත.
ට්‍රම්ප්ගේ ප්‍රකාශය චීනය ප්‍රතික්ෂේප කරයි
මේ අතර, ඉරාන ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමරිකානු හමුදා භාරයට ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයක් චීනය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. අදාළ නෞකාව චීනයෙන් ලැබුණු ත්‍යාගයක් බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය කිසිදු පදනමකින් තොර වූවක් බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.
ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පදනම් විරහිත ප්‍රකාශ සිදුකිරීම පිළිබඳව චීනය මෙහිදී සිය දැඩි විරෝධය පළ කර ඇති අතර, ජාත්‍යන්තර සබඳතාවලදී වඩාත් වගකීම් සහගත ලෙස ප්‍රකාශ නිකුත් කළ යුතු බව ද පෙන්වා දී ඇත.














