මහා භාණ්ඩාගාරයේ මුදල් හඳුනා නොගත් පාර්ශ්වයක් අතට පත්වීමේ පුවත සම්බන්ධයෙන් සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද (24) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
මහා භාණ්ඩාගාරයේ මුදල් අස්ථානගත වීම හුදෙක් හැකර්වරුන්ගේ ක්‍රියාවක් ලෙස තමන් විශ්වාස නොකරන බව ඔහු අවධාරණය කළේය. මෙය පිටතින් සිදුවූවක් ලෙස පෙන්වීමට උත්සාහ කළද, ඒ පිළිබඳව සිය සැකය පළ කරන බව ඔහු පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ සාධාරණ පරීක්ෂණයක් පවත්වා සත්‍ය අනාවරණය කර ගැනීමට නම්, දැනට ධුර දරන මුදල් අමාත්‍යවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා වහාම සිය තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














