තංගල්ල නගරයේදී සිදුකළ හදිසි මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී, මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ පැදවූ රියදුරන් සිව්දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම වැටලීමට අදාළ තොරතුරු අනුව, අත්අඩංගුවට ගත් රියදුරන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු පෞද්ගලික බස් රථ රියදුරන් වන අතර, අනෙක් දෙදෙනා ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) රියදුරන් වෙති. තංගල්ල නගරයේ බස් නැවතුම්පොළේදී සිදුකරන ලද මෙම පරීක්ෂාව සඳහා තංගල්ල පොලිස් කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන්, මාර්ගස්ථ මගී ප්‍රවාහන ආයතනය සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය යන ආයතනවල නිලධාරීන් ඒකාබද්ධව දායක වී ඇත. එහිදී සිදුකරන ලද මූත්‍රා සාම්පල පරීක්ෂාවන් මගින් මෙම රියදුරන් සිව්දෙනා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව තහවුරු වී තිබේ.














