දකුණු ඉරාන කලාපය ඉලක්ක කර ගනිමින් අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් ඉරාන හමුදා සාමාජිකයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රජයේ මාධ්‍ය වන IRIB නිවේදනය කරයි. මෙම ප්‍රහාරය අතිශය තීරණාත්මක සිදුවීමක් ලෙස හඳුන්වමින් ඉරාන හමුදාව ප්‍රකාශ කර සිටින්නේ, මියගිය මෙම රණවිරුවන්ගේ ලේ වෙනුවෙන් අනිවාර්යයෙන්ම පළිගැනීමක් සිදුකරන බවයි. කලාපීය උණුසුම මේ වන විට ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර, ඉදිරියේදී සිදුවිය හැකි උත්සන්නවීම් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයකින් පසුවෙයි.
















