ආරක්ෂිත වන සතුන්ගේ ශරීර කොටස් ළඟ තබා ගැනීම සහ නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම ඇතුළු චෝදනා 38කට වැරදිකරු වූ කිතුල්ගල ප්‍රදේශයේ රන් භාණ්ඩ වෙළඳසැලක හිමිකරුවෙකුට රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් මිලියන 2.1ක (ලක්ෂ 21ක) දඩයක් පනවා තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම රන් බඩු කඩය වටලා සත්ව කොටස් තොගයක් සොයාගෙන ඇත. අධිකරණය නියෝග කළේ මෙම දඩ මුදල මාස තුනක් ඇතුළත වාරික තුනකින් ගෙවා නිම කරන ලෙස වන අතර, එහි පළමු වාරිකය ලබන අගෝස්තු 5 වැනිදාට පෙර ගෙවිය යුතු වේ.
















