ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් එක්සත් ජනපද මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සහ පැසිෆික් ගුවන් හමුදාව සමඟ එක්ව සංවිධානය කරන “Atlas Angel – 2026” ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී ආරම්භ කර තිබේ.
අගෝස්තු 31 වනදා ආරම්භ වූ මෙම දින පහක පුහුණු අභ්‍යාසය සැප්තැම්බර් 04 වනදා දක්වා මහනුවර, දිගන, කොළඹ සහ කටුනායක යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. ආරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සැලසුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා, කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් අමිත ජයමහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ බ්‍රිගේඩියර් ජෙනරාල් ට්‍රේස් තෝමස් මහතා ප්‍රමුඛ ඇමෙරිකානු නියෝජිතයෝ සහභාගී වූහ. දෙරට අතර ගුවන් හා ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ගුවන් හමුදා සාමාජිකයින්ගේ පුහුණු හැකියාවන් වර්ධනය කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.
















