හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇමරිකානු හමුදා පනවා ඇති දැඩි පාලන සහ බාධක හේතුවෙන්, ආරක්ෂාව පතා ඉරාන ඉන්ධන නෞකා 20ක් පමණ ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) ආසන්නයේ නැංගුරම් ලා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉරාන ධජය සහිත ඉන්ධන ප්‍රවාහන නෞකා 13ක් ඇතුළු යාත්‍රා කිහිපයක් මෙලෙස රැඳී සිටින බව ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ පුවත්පත පෙන්වා දෙයි.
පසුගිය මාස හය තුළ ඇමරිකානු නාවික හමුදාව විසින් ඉරාන නෞකා 20කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඉරාන වරායන් වෙත ගමන් කළ වෙළඳ නෞකා 75කට අධික සංඛ්‍යාවක් ආපසු හරවා යවා ඇති පසුබිමක් තුළ, මෙම නෞකා ආරක්ෂිත පියවරක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අසල මුහුදු ප්‍රදේශවල රැඳී සිටින බව නාවික වෙළඳ දත්ත අනාවරණය කරයි. කෙසේ වෙතත්, අදාළ නෞකා නැංගුරම් ලා ඇත්තේ මෙරට සුවිශේෂී ආර්ථික කලාප සීමාවෙන් බැහැරව බැවින්, ඒවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කිසිදු වගකීමක් හෝ බැඳීමක් නොමැති බවත් කිසිදු පහසුකමක් සපයන්නේ නැති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.














