හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ අදහස් දක්වමින් ඉරාකය විවෘතවම ඉරානය වෙනුවෙන් සිය සහාය පළ කර තිබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය “නීති විරෝධී ක්‍රියාවන් සඳහා භාවිත කරන මෙවලමක්” බවට පත් කර නොගන්නා ලෙස ඉරාකය මෙහිදී ජාත්‍යන්තර ප්‍රජාවට අනතුරු ඇඟවීය.
හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට නම් ප්‍රධාන කොන්දේසි තුනක් සම්පූර්ණ විය යුතු බව ඉරාකය අවධාරණය කරයි. එනම්, වහාම යුද්ධය අවසන් කිරීම, පනවා ඇති අවහිරතා (Blockade) ඉවත් කිරීම සහ ඉරානයට එරෙහි සම්බාධක (Sanctions) ඉවත් කිරීමයි. කලාපීය ස්ථාවරත්වය උදෙසා යුදමය ක්‍රියාමාර්ගවලින් බැහැර විය යුතු බවත්, සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳාගත යුතු බවත් ඉරාක නියෝජිත පිරිස වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(X) ඇසුරින්















