හෝමූස් සමුද්‍ර සන්ධියට මායිම්ව පිහිටි ඉරානයේ උපායමාර්ගික වෙරළබඩ කලාප කිහිපයක ප්‍රබල පිපිරීම් වාර්තා වෙමින් පවතී. ඉරානයේ දකුණු පළාතේ බන්ඩර් අබ්බාස් (Bandar Abbas) සහ කේෂ්ම් දූපත (Qeshm Island) යන ස්ථානවලට අමතරව දැන් සිරික් (Sirik) ප්‍රදේශයෙන් ද පිපිරීම් වාර්තා වන බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.
මෙම ප්‍රහාර එල්ල වූ ස්ථාන තුනම හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය සඳහා ඉතා තීරණාත්මක මධ්‍යස්ථාන වේ. මීට අමතරව කේෂ්ම් දූපතට ආසන්න මුහුදේ ගමන් කරමින් තිබූ නෞකාවක් ඉලක්ක කර ප්‍රහාර එල්ල වී ඇති බවට ද තොරතුරු වාර්තා වන අතර, මෙම තත්ත්වය හමුවේ ගෝලීය බලශක්ති සැපයුම් මාර්ගයේ ආරක්ෂාව පිළිබඳ බරපතළ අවදානමක් මතුව තිබේ.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal (X) ඇසුරින්















