ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) අතර පැවැති සාකච්ඡා ඉතා සාර්ථක ලෙස අවසන් වූ බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. දෙරට අතර පවතින වෙළඳ සබඳතා සහ තීරුබදු (Tariffs) සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු වී ඇති අතර, බ්‍රසීල ජනාධිපතිවරයා “ඉතා ක්‍රියාශීලී” නායකයෙකු ලෙස ට්‍රම්ප් මෙහිදී අගය කර ඇත.
දෙරටේ ආර්ථික සබඳතාවල තීරණාත්මක කරුණු සම්බන්ධයෙන් ඒකාබද්ධව කටයුතු කිරීමටත්, ඒ වෙනුවෙන් ඉදිරියේදී තවදුරටත් ඉහළ පෙළේ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමටත් නායකයන් දෙපළ එකඟ වී තිබේ. මෙම හමුව ලතින් ඇමරිකානු කලාපය සහ ඇමරිකාව අතර ආර්ථික සහයෝගීතාවයේ නව හැරවුමක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.















