• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉදිරියේදී වැස්ස ඇතිවුනොත් ගංගාද්‍රෝණි රැසකට ගංවතුර අවධානම් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි

25 May 2020
in දේශීය

ඉදිරි දින කීපය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වු වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (25) දින නිවේදනය කරයි.

එම නිවේදනයේ සදහන් කරුනු සළකා බලා ගංගා ද්‍රෝනි කීපයකට ගංවතුර අවදානම් තත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මී ඔය, දැදුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැළණි ගඟ, කලු ගඟ, බෙන්තොට ගග, ගිං ගඟ, නිලවලා ගඟ කිරම ඔය සහ ඌරුබොකු ඔය යන ගංගාධාරයට අයත් පහත් බිම් ජලයෙන් යටවිය හැකි බවයි.

ඊට අමතරව මධ්‍යම කදුකරයට ලැබිය හැකි වර්ෂාපතනය අනුව මහවැලි ගංගාධාරයේ පහත්බිම් ප්‍රදේශ වලට ද ගංවතුරු අවදානමක් ඇතිවීමට ඉඩ කඩ පවතින බව මෙම නිවේදනයේ තවදුරටත් සදහන් කර තිබේ.

ගංවතුර අවදානම් නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති තද වැසි පිළිබදව අවධාත්මක නිවේදනය අනුව සකස් කර ඇති බවත් එම නිවේදනය තුළ සදහන් කර ඇති ආකාරයට මෙම ගංගා ධාර ප්‍රදේශයට වර්ෂාව ලැබේ නම් ඇතිවිය හැකි ගංවතුර අවදානමට පෙරසුදානම් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

විශේෂයෙන්ම පවතින කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් ගංවතුර තත්වයක් ඇති වුවහොත් එම තත්වය පාලනය කරගනිමින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම කටයුතු කරන ලෙස ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී,

විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය නිසා ඔබ ජීවත්වන නිවස ගංවතුර අවධානයට ලක්වන තෙක් නොසිට සුරක්ෂිත මධ්‍යස්ථාන කරා යාම ඉතා වැදගත් වේ.

එසේම පාසැල් සිසුන්ගේ පොත් පත් ලිපි ද්‍රව්‍ය ගංවරතුරෙන් සුරක්ෂිත කර ගැනීමට කටයුතු කිරීමත් පවතින තත්වය හමුවේ ඇතිවිය හැති අවදානම් තත්වය පිලිබද නිරන්තරයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.

මේ පිළිබද වැඩි විස්තර සදහා www.dmc.gov.lk යන වෙබ් අඩවියට පිවිසෙන්න

 

Post Views: 22
Previous Post

පෞද්ගලික බස් හිමියන් කොළඹ යන්න ඉල්ලයි

Next Post

රතුකුරුස මගින් කොළඹ මහනගර සභාවට ආරක්ෂිත ඇඳුම් කට්ටල පිරිනමයි

editor

editor

Next Post

රතුකුරුස මගින් කොළඹ මහනගර සභාවට ආරක්ෂිත ඇඳුම් කට්ටල පිරිනමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved