27 April 2024
#දේශීය

ආණ්ඩුව ශානිව “ස්වභාවික ඝාතනයකට” තල්ලු කරනවාද? විපක්ෂ නායක සජිත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ ජීවිතය පිළිබඳව විශාල අවදානමක් මේ වෙනකොට මතුවෙලා තියෙන බවත්, විශේෂයෙන් ම එතුමා ඉලක්ක කරගෙන සිදුවෙන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත ඉතාම කනගාටුදායක ලෙස සහ බියජනක තත්ත්වයක තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ ඉතාම කුප්‍රකට විදිහට එතුමාව සැලසුම් සහගත ලෙස “ස්වභාවික ඝාතනයකට” තල්ලු කරමින් ඉන්නවාද කියන සාධාරණ සැකයක් තමාට ඇති බවයි.

මීට පෙරත් ශානි අබේසේකරගේ ජීවිතය බරපතළ අර්බුදයකට ලක් කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබු බවත් එය 2020 නොවැම්බර් 27 පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළ බව හෙතෙම පැවසිය.

අද වෙනකොට සියල්ලම කැකිල්ලේ තීන්දු බවට පත්වෙමින් තිබෙන අතර ඒවැනි තත්වයක් ඇතුලේ ශානි අබේසේකර මහතාගේ ජීවිතය පිළිබඳව අපට සාධාරණ භීතියක් තිබෙන බව විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *