• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යළි isis ත්‍රස්තවාදය මෙරට මතුවීමට ඉඩ නොදීමට කටයුතු කල යුතුයි – අගමැති

2 June 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අයි.එස් ත්‍රස්තවාදය යළි ශ්‍රී ලංකාවේ මතුවීමට ඉඩ නොදීම සඳහා ප්‍රතිත්‍රස්ත වැඩසටහන් සකස් කිරීම ආණ්ඩුවේ වගකීම බවත්, ඒ වගකීම නිසි අයුරින් දරමින් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා අවශ්‍ය සියලූ පියවර ගැනීමට ක්‍රියාකරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ රාජ්‍ය සේවය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් මාතලේ සංඝමිත්තා විදුහලේ ඊයේ (01) දින පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින්.

අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ අයි.එස්. ත්‍රස්තවාදයේ පදනම ජාතිවාදය බවත් එය අවබෝධ කරගනිමින් ශ්‍රී ලංකා අනන්‍යතාවය පදනම් කොට ගත් ප්‍රතිත්‍රස්ත වැඩසටහන් හා ත්‍රස්තවාදය වැළැක්වීමේ සැලසුම් සකස් කළ යුතු බවයි.

උප්පැන්න සහතික, රියදුරු බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර, ජාතික හැඳුනුම්පත් සකස් කර දීම ඇතුළු රාජ්‍ය සේවයෙන් ඉටු කරන මහජන සේවාවන් රැසක් ලබාගැනීමේ පහසුකම් රාජ්‍ය සේවයේ ගමට වැඩසටහන යටතේ ඇති කර තිබිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු රට මේවන විට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. එසේ නම් එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතුයි. වෙසක් පොහොය සැමරීමෙන් අනතුරුව පාසල් විවෘත කිරීමටත්, සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමටත් අපට හැකි වුණා. ඒ අනුව රටේ සංවර්ධන කටයුතු ආරම්භ කරමින් ජනතාවට ප්‍රතිලාභ ලබාදීම අපි ඉදිරියටම කරගෙන යා යුතුයි. එම වැඩකටයුතු අතරමඟ නතර නොකළ යුතුයි. එසේ නතර කළහොත් එය අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ විශාල ජයග්‍රහණයක් වනවා. ඔවුන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව ජනතාව බියට පත්වූ බවත්, එදිනෙදා වැඩකටයුතු වෙනුවෙන් ඉදිරියට ඒමට ජනතාව අකමැති බවත් ත්‍රස්තවාදීන් සිතනවා නම් එය ඔවුන්ගේ ජයග්‍රහණයක් වනවා. ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ සිදු වුණේ එයයි. ජනතාව බියවද්දා සංවර්ධන කටයුතු නතර කිරීමට ත්‍රස්තයන් කටයුතු කළා. ඔවුන්ට අවශ්‍ය වන්නේ සංවර්ධනය නොව සාමකාමී රටක් තුළ ගැටළුවක් නිර්මාණය කිරීමයි.

කෙසේ වෙතත් මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ තොරතුරු මාසයක් ඇතුළත සොයා නිම කිරීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව විදෙස් බුද්ධි අංශ පවා පවසනවා. අන්තවාදය වැළඳ ගත් පිරිස් ඉන් දුරස් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍යයි. මේ සියල්ල සිදු කළ යුත්තේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය රැකගෙනයි. අයි.එස්. ත්‍රස්තවාදීන්ට අවශ්‍ය පදනම ජාතිවාදයයි. එය වැලැක්වීම පිළිබඳව සාකච්ඡා කර අපි වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. රට තුළ ත්‍රස්තවාදය නතර කිරීමට නම් අපි නිසිලෙස සූදානම් විය යුතුයි. අපි ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කර දුන් විට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ ක්‍රියාත්මක වෙනවා.

ලෝකයේ බොහෝ රටවල් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කර ගන්නේ පළමු ප්‍රහාරයෙන් අනතුරුවයි. ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව ඔවුන් ඊට මුහුණදෙන ආකාරය නිර්මාණය කර ගත්තා. එංගලන්තය එම පියවර අනුගමනය කළේ ලන්ඩනයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුවයි. ප්‍රංශයත් ත්‍රස්තවාදයට එරෙහි තම ප්‍රතිපත්ති රාමුව නිර්මාණය කළේ පැරිස් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් පසුවයි. සිංගප්පූරුව පමණයි එවැනි ප්‍රහාරයක් එල්ලවීමට පෙර සැලසුම් සකස් කර තිබෙන්නේ.

මෙම ප්‍රහාරයෙන් පසුව අපිත් රටක් ලෙස දුක්වින්දා. එම තත්වය ප්‍රයෝජනයට ගනිමින් අනාගතයේ එවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගත යුතුයි. අයි.එස්. ත්‍රස්තවාදය අවසන් කිරීම අපේ අරමුණයි. එය වචනවලින් පමණක් හෝ දේශපාලනයෙන් පමණක් ක්‍රියාවට නැංවිය නොහැකියි. ඒ සඳහා උපක්‍රමිකව වසරින් වසර තත්වය සමාලෝචනය කරමින් අයි.එස්. ත්‍රස්තවාදය පැතිරී තිබෙන සෑම රටක් සමග අත්වැල් බැදගනිමින් කටයුතු කළ යුතුයි. මෙය තනිව කළ හැකි සටනක් නොවේ. ඒ ආකාරයට කටයුතු කළහොත් යළිත් අයි.එස්. ත්‍රස්තවාදයක් රට තුළ ඇති නොවීමට වගබලා ගත හැකි බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා. යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, බුද්ධ ශාසන හා වයඹසංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම් හලීම්, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ, මාතලේ නගරාධිපති ඩල්ජිත් අලූවිහාරේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

Post Views: 0
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝක කුසලාන එක්දීන තරඟයේ පලමු තරඟයෙන්ම පරාජයට පත් වෙයි

Next Post

විපක්ෂය වික්ෂිප්තයි – ඇමැති රවි කියයි

editor

editor

Next Post

විපක්ෂය වික්ෂිප්තයි - ඇමැති රවි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved