අපරාධ මැඩලීමේ දීපව්‍යාප්ත මෙහෙයුම් යටතේ ඊයේ (01) දිනයේදී පුද්ගලයින් 25,848 දෙනෙකු පරීක්ෂා කර තිබේ.මෙම මෙහෙයුම්වලදී අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 475 දෙනෙකු, වරෙන්තුකරුවන් 174 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 93 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථවාහන සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් 4,019 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතරට බීමත් රියදුරන් 55 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ 108 දෙනෙකුද ඇතුළත් වේ.
මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ මෙහෙයුම් යටතේ වැටලීම් 707ක් සිදු කරමින් පුද්ගලයින් 704 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් 4 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. මෙම වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 307ක් සහ අයිස් ග්‍රෑම් 407ක් ඇතුළුව කුෂ්, හෂීෂ් සහ මත්පෙති තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.














