වගකිවයුතු රාජ්ය තන්ත්රයක් ලෙස අර්බුද හමුවේ වගකීම් මඟහරිමින් කාලය ගත කිරීමෙන් ගැටලු විසඳී නොයන බවත්, එයින් සිදුවන්නේ තවදුරටත් මානව හිමිකම් කඩවීම් සහ සමාජ අසහනය වර්ධනය වීම පමණක් බවත් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වෙනුවෙන් හෙතෙම පෙන්වා දෙයි.
ජනප්රිය මත පසුපස හඹා යමින් වගකීමෙන් වැළකී නොසිට, ගැටලුවල සැබෑ ස්වභාවය හඳුනාගෙන ඒවාට කඩිනමින් සහ සාධාරණව පිළිතුරු ලබා දීමට බලධාරීන් වහාම ඉදිරිපත් විය යුතු බව ඔවුන් තරයේ අවධාරණය කර සිටී.














