පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිදුකරන ලද මෙම මෙහෙයුම්වල 2026.05.03 වන දිනට අදාළ වාර්තාව පහත පරිදි වේ.
මෙම මෙහෙයුම් කාලය තුළ පුද්ගලයින් 26,346 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර සැකපිට පුද්ගලයින් 548 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයින් 147 දෙනෙකු ද මීට ඇතුළත් වේ.
දින වොරෙන්තුකරුවන් 212 දෙනෙකු සහ විවෘත වොරෙන්තුකරුවන් 158 දෙනෙකු මෙම මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.
බීමත් රියදුරන් 135 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව වෙනත් රථවාහන වැරදි 3,996 ක් වාර්තා වී ඇත.














