කුඩාඔය, වෙහෙරයාය සිරිපුරගම මාර්ගයේ සිදුවූ රථවාහන අනතුරකින් 14 හැවිරිදි දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.සිරිපුරගම දෙසට ධාවනය වූ මගී බස් රථයක, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුව ඇත්තේ වෙහෙරයාය සිරිපුරගම මාර්ගයේ 02 කණුව ආසන්නයේදීය.අනතුරින් යතුරුපැදියේ පැදිකරු සහ පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා දෙහිගස්හන්දිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී පසුපැදිකාරිය මියගොස් තිබේ. බරපතළ තුවාල ලැබූ පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල සිරිගල රෝහලට මාරු කර යවා ඇත.මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇතිළිවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි දැරියකි
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කුඩාඔය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














