රුසියාව විසින් මෑතකදී භාවිතයට ගත් ජෙට් එන්ජින් සහිත නවතම ඩ්‍රෝන යානා ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ ගුවන් ආරක්ෂණ පද්ධති අඩපණ වෙමින් පවතින අතර, ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
පැයට කිලෝමීටර් සිය ගණනක වේගයෙන් පැමිණෙන මෙම ජෙට් ඩ්‍රෝන යානාවලින් 40%ක්ම විනාශ කිරීමට යුක්‍රේන ගුවන් ආරක්ෂක අංශ අසමත් වී ඇත. අගෝස්තු 29 වනදා මයිලා (Myla) ගම්මානයේ පතොරම් ගබඩාවකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 38 දෙනෙකු සහ සැප්තැම්බර් 01 වනදා එල්ල වූ ප්‍රහාරවලින් තවත් 12 දෙනෙකු මියගොස් තිබේ. අගෝස්තු මාසයේදී පමණක් රුසියාව මෙවැනි ජෙට් ඩ්‍රෝන යානා 2,800ක් ප්‍රහාර සඳහා යොදාගෙන ඇත.
කෙසේ වෙතත්, ගොඩබිම් සටන්වලදී රුසියානු හමුදාවලට දැඩි අලාභහානි සිදුවෙමින් පවතින අතර, අගෝස්තු මාසයේදී පමණක් රුසියානු සෙබළුන් 42,020ක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව යුක්‍රේනය පවසයි. මේ අතර, යුක්‍රේනය විසින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ රුසියාවේ තෙල් පිරිපහදු සහ අපනයන මධ්‍යස්ථාන රැසක් විනාශ වී ඇති අතර, ඒ හේතුවෙන් රුසියාව පුරා සහ රුසියානු පාලනයේ පවතින ක්‍රිමියාවේ දැවැන්ත ඉන්ධන හිඟයක් නිර්මාණය වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්
















