දකුණු ලෙබනනයේ පිහිටි අතිශය මූලෝපායික වැදගත්කමකින් යුත් ‘අලි අල්-තහීර්’ (Ali al-Taher) කඳුවැටිය අභ්‍යන්තරයේ වූ උමං සංකීර්ණවල රැඳී සිටි හිස්බුල්ලා (Hezbollah) සටන්කාමීන් සම්පූර්ණයෙන්ම ඉවත් කර එම කලාපයේ මෙහෙයුම් පාලනය අත්පත් කරගත් බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්රායෙල් කැට්ස් (Israel Katz) ප්‍රකාශ කරයි.
පසුගිය ජූනි මාසයේදී සෙබළ විරාමයක් ප්‍රකාශයට පත් කළද, සමස්ත කලාපයම නිරීක්ෂණය කළ හැකි මෙම උමං පද්ධතිය තුළ හිස්බුල්ලා සටන්කාමීන් රැඳී සිටීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර දැඩි සටන් ඇවිළී තිබිණි. ඊශ්‍රායල හමුදාවන් එල්ල කළ ප්‍රහාර හමුවේ සටන්කාමීන් පිරිසක් මියගොස් ඇති අතර සෙසු පිරිස පලාගොස් ඇති බව පැවසෙයි. මේ අතර, ඇමෙරිකානු මැදිහත්වීමෙන් සිදුකරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවූ ලෙබනන ජාතිකයන් පස්දෙනෙකු නිදහස් කිරීමට ඊශ්‍රායලය කටයුතු කර ඇති අතර, 1980 ගණන්වලදී ලෙබනනයේදී මියගිය යූද නායකයන්ගේ දේහයන් පිළිබඳ තොරතුරු ඊශ්‍රායලයට ලබාදීමට ලෙබනනය එකඟ වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















