ඉරානයේ නැටාන්ස් (Natanz) යුරේනියම් නිසාරණ පදනාම ආසන්නයේ පිහිටි අතිශය සුරක්ෂිත මෙන්ම භූගතව ඉදිකර ඇති ‘පික්ඇක්ස් මවුන්ටන්’ (Pickaxe Mountain) පරිශ්‍රයට ඉදිරියේදී ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය සූදානම් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
වොෂින්ටන් නුවරදී මාධ්‍යවේදීන් ඇමතූ ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ ඉතා කෙටි කාලයක් තුළ මෙම ස්ථානය ඉලක්ක කර ප්‍රහාර එල්ල විය හැකි බවයි. දැඩි හානි සිදුවී ඇති නැටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි මෙම පික්ඇක්ස් කඳුවැටිය අභ්‍යන්තරයේ ඉරානය විසින් දැවැන්ත භූගත බංකර් සහ බුංකර් උමං සංකීර්ණ දෙකක් ඉදිකර ඇති අතර, එය ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධානතම හා අතිශය සුරක්ෂිත මධ්‍යස්ථානයක් ලෙස සැලකේ. මෙම නිකුත් වූ අනතුරු ඇඟවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ යුධමය උණුසුම තවදුරටත් දැඩි ලෙස ඉහළ ගොස් තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















