ඊශ්රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා සඳහා ශ්රී ලාංකිකයින් 133 දෙනෙකු අද (23) විදේශගත වන බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එම රැකියාලාභීන් විදේශගත කිරීම වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ ගුවන් ටිකට්පත් බෙදාදීමක් පසුගිය සැප්තැම්බර් 14 වැනිදා කාර්යාංශ ශ්රවණාගාරයේදී සිදු කර තිබෙනවා. ඒ, කාර්යාංශයේ සභාපති කෝශල වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන්.
එහිදී ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියාලාභීන් 133 දෙනෙකුට සහ යටිතල පහසුකම් ක්ෂේත්රයේ රැකියාලාභීන් 17 දෙනෙකුට ගුවන් ටිකට්පත් ලබාදී ඇති බවද සඳහන්.
















