ඇමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් “සටන් විරාමයක්” (ceasefire) ප්‍රකාශයට පත් කර තිබියදීත්, පසුගිය පැය 24 තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 10 දෙනෙකුවත් මියගොස් ඇති බව වෛද්‍ය ආරංචි මාර්ග තහවුරු කරයි. මීට අමතරව, ලෝක ප්‍රසිද්ධ ආහාර ආධාර සංවිධානයක් වන ‘වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන්’ (World Central Kitchen) ආයතනයට අයත් ආධාර බෙදාහරින රියදුරෙකු ඉලක්ක කර ගනිමින් එල්ල වූ මාරාන්තික ගුවන් ප්‍රහාරය එම සංවිධානය දැඩි ලෙස හෙළා දැක ඇති අතර, ගාසා තීරයේ සිදුවන මෙම ප්‍රචණ්ඩත්වය පිළිබඳව වගකිවයුත්තන් සෙවිය යුතු බවටද ඔවුන් බලකර සිටී.
තොරතුරු උපුටා ගැනීම: Al Jazeera ඇසුරින්
















