ජපානයෙන් ශ්‍රී ලංකා රජයට ලබා දුන් මෙට්‍රෝ බස් රථ 07ක් සංකේතාත්මකව ප්රදානය කිරීමේ උත්සවය අද (02) තලංගම ඩිපෝවේ දී පැවැත්වුණා.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකියෝ ඉසොමාටා (Akio Isomata) සහ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සිදු කර තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආසිරි කරුණාවර්ධන, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සංජීව කතරගම ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.














