දකුණු ලෙබනනයේ රැඳී සිටින තම සොල්දාදුවන් ඉලක්ක කරමින් හිස්බුල්ලා සංවිධානය විසින් රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවට ඊශ්‍රායල හමුදාව චෝදනා කරයි. ඊශ්‍රායල හමුදාව නිකුත් කළ නිල නිවේදනයක දැක්වෙන්නේ, අදාළ ප්‍රහාර එල්ල වූ ස්ථාන හඳුනාගෙන ඒවාට වහාම ප්‍රතිප්‍රහාර එල්ල කළ බවයි.
පසුගිය සතියේ දෙපාර්ශවය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමෙන් අනතුරුව වාර්තා වූ බරපතළම ගැටුම මෙය ලෙස සැලකේ. මෙම සිදුවීමත් සමඟ ලෙබනන් – ඊශ්‍රායල දේශසීමා ආශ්‍රිතව නැවතත් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.













