• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඡන්ද සිතියම ජනපතිට වාසි වෙන විදිහට සැකසීම වැරදියි – විපක්ෂ නායක සජිත්

15 May 2023
in දේශීය

මැතිවරණ සිතියම ජනාධිපතිවරයාගේ හෝ ඔහුට සහාය ලබා දෙන අයගේ අභිමතය පරිදි සකස් කිරීම වැරදි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (15) විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටු හමුවකට එක් වූ අවස්ථාවේ දී ය.

රජය හිතන හිතන වෙලාවට, හිතන හිතන ආකාරයට තමන්ගේ කාල සටහන්වලට සුදුසුවන පරිදි මැතිවරණ සිතියම් නිර්මාණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොවන බව හෙතෙම පැවසිය.

නමුත් රජය ගෙන ඒමට සූදානම්, නියමිත කාලයට ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමේ යෝජනාවට විපක්ෂයක් ලෙස පූර්ණ සහාය ලබා දෙන බවත් එය ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය අණපනත් රෙගුලාසි ගෙන ඒමට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බවත් ජනාධිපතිවරණ අභියෝගය බාර ගැනීමට සමගි ජන බලවේගය සූදානම් බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේ ම විපක්ෂයේ සියලු දේශපාලන බලවේග උපයෝගී කර ගෙන ජාතික ප්‍රතිපත්ති, ජාතික දර්ශනය මත කේන්ද්‍රගත වූ ගමනකට සූදානම් බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ පත්තරවල සමාජමාධ්‍යවල විවිධ ප්‍රවෘත්ති සකස් නොකර ජනාධිපතිවරණය හරියට පවත්වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බවත් ය.

තව ද එම ජනාධිපතිවරණයෙන් පසු සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයකු යටතේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් හකුලා ගත් පළාත් පාලන මැතිවරණ පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය සුරක්ෂිත කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය

Post Views: 8
Previous Post

මහජන ආධාර කප්පාදුවකින් තොරව අඛණ්ඩවම ලබාදෙනවා – රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ඉවත් කෙරේ .. නව පත්වීම් හෙට

editor

editor

Next Post

ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ඉවත් කෙරේ .. නව පත්වීම් හෙට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved