• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රශ්ණයක් නම් උසාවි යන්න

5 July 2018
in ක්‍රීඩා

දේශපාලන පළිගැනීමට ලක් වූ පුද්ගලයින්ට සහන සැලසීමට අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදයක් අනුව කටයුතු කළ බවත් වෘත්තීය සමිතිවලට මේ පිළිබද ගැටළුවක් ඇත්නම් සිසු දරුවන්ගේ අධ්‍යාපනය කඩකප්පල් නොකර අධිකරණය හමුවට යන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

පසුගිය වසර 24 කට අධික කාලයක දී අධ්‍යාපන පද්ධතිය තුළ දේශපාලන පළිගැනීමට ලක් වූ පුද්ගලයින් 12,000 කට අධික සංඛ්‍යාවක් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා අභියාචනා ඉදිරිපත් කර තිබූ බවත් ඒ සම්බන්ධව පරීක්ෂා කිරීම ඉහළ රාජ්‍ය නිලධාරීන් විසින් සහ රාජ්‍ය සේවා කොමිසම විසින් සිදු කර 1018 කට සහන සැලසීමට කටයුතු කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළා.

ඒ සම්බන්ධව ගැටළුවක් ඇත්නම් එය රාජ්‍ය සේවා කොමිසමේ තීන්දුවක් අභියෝගයට ලක් කිරීමක් වන බව ද පෙන්වාදුන් අමාත්‍යවරයා මාධ්‍ය සංදර්ශන පවත්වමින් විදුහල්පතිවරුන් ගුරුවරුන් හා සිසු දරුවන් නොමග නොයවා අධිකරණය හමුවට යන ලෙස ද පැවසුවා.

පසුගිය රජය සමයේ තොග පිටින් දේශපාලන පත්වීම් ලබාගත් පිරිස් මෙලෙස අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බව පැවසූ අමාත්‍යවරයා මෙම පුද්ගලයින්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධව දැනුවත්ව කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළා. එසේම කිසිම බලවේගයකට පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට තමා ඉඩ නොතබන බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළා.

Post Views: 9
Previous Post

සජිත් ජනපතිව දකින්න ඇස් පිං කරන්න ඕන

Next Post

අපි පඹයෝද? අපිටත් ආතතියක් තියෙනවා

editor

editor

Next Post

අපි පඹයෝද? අපිටත් ආතතියක් තියෙනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved