27 April 2024
#දේශීය

ඉතාලි තානාපතිනිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි තානාපතිනිය වන අතිගරු රීටා ජුලියානා මැනෙලා (Rita Giuliana Mannella) ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා සමඟ හමුවක් ඊයේ (15) ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී සිදු විය.

මෙහිදී ජෙනරල් ගුණරත්න සහ මැනෙලා මැතිනිය, දෙරටේ ආරක්‍ෂක සහයෝගීතාව සහ අන්‍යෝන්‍යය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ සංචාරක ආකර්ෂණ ස්ථාන සබැඳිව ඇයගේ විශේෂ අවධානය යොමුවිය.

මේ අතර, ඉතාලි ආරක්‍ෂක උපදේශක කැප්ටන් ෆැබියෝ සිමා (Captain Fabio Cima) සහ ආරක්‍ෂක ලේකම්, දෙරට හමුදා අතර පුහුණු හුවමාරු වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව ද සාකච්ඡා කළහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද මෙම අවස්ථාවට සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *