වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී, නීතිවිරෝධී මත්පැන් ලීටර් 77ක් (බෝතල් 103ක්) සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 අගෝස්තු 28 වන දින උදෑසන කඳාන පොලිස් වසමේ ජාඇළ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇති අතර, අත්අඩංගුවට පත් වී ඇත්තේ අවුරුදු 55ක් වන ජාඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඳාන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














