බැඩ්මින්ටන් ක්‍රීඩකයන් විසින් ගෙනගිය අඛණ්ඩ ක්‍රියාමාර්ග සහ විශේෂ විමර්ශන ඒකකය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලෙන් එල්ල වූ දැඩි බලපෑම හමුවේ, උතුරු මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරන තරගාවලියේ සමස්ත ත්‍යාග මුදල රුපියල් මිලියනය සිට රුපියල් මිලියන 2 දක්වා දෙගුණ කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
ක්‍රීඩකයන්ගේ අයිතිවාසිකම් සහ සාධාරණ දීමනා වෙනුවෙන් ඉදිරිපත් වූ මෙම නීතිමය හා පරිපාලනමය පීඩනය හමුවේ අදාළ බලධාරීන්ට මෙම සංශෝධනය කිරීමට සිදු වූ බවත්, මෙම ජයග්‍රහණය ඉදිරි බැඩ්මින්ටන් තරගාවලි සඳහාද පූර්වාදර්ශයක් විය යුතු බවත් ක්‍රීඩා ක්ෂේත්‍රයේ විචාරකයෝ පෙන්වා දෙති.
මෙම සාධාරණ ත්‍යාග මුදල් වැඩිවීම ඉදිරියට පැවැත්වෙන සියලුම දේශීය බැඩ්මින්ටන් තරගාවලි සඳහාද එකලෙස බලපැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඉදිරි තරගාවලිවල නව ත්‍යාග මුදල් කාලසටහන නිකුත් වන තෙක් ක්‍රීඩකයෝ සහ ක්‍රීඩාලෝලීහු අවධානයෙන් පසුවෙති.














