ජා ඇළ නගර සභාවේ සජබ මන්ත්‍රීවරයෙකු විසින් කන්දවත්ත පොදු ක්‍රීඩාංගණයට නිවෙස්වල අපද්‍රව්‍ය බැහැර කරන ලෙස ප්‍රදේශවාසීන්ට උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරයාට දැඩි අවවාද කිරීමට කඳාන පොලිසිය පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් ඩෙංගු අධි අවදානම් කලාපයක් ලෙස හඳුන්වා දී ඇති කන්දවත්ත ප්‍රදේශයේ දේවස්ථානයක මංගල්‍යයක් සඳහා යොදා ගත් ශබ්ද විකාශන යන්ත්‍රයක් උපයෝගී කරගනිමින්, එම මන්ත්‍රීවරයා ක්‍රීඩාංගණයට කුණු දමන ලෙස ප්‍රදේශවාසීන්ව දැනුවත් කර තිබුණි. මෙය දේවස්ථාන මණ්ඩපයේ කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව සිදුකර ඇති බව වාර්තා වේ.
මෙම ක්‍රියාව හරහා නගර සභාව සහ සෞඛ්‍ය අංශ අපහසුතාවයට පත් කිරීමේ පටු අරමුණක් තිබූ බව ජා ඇළ නගර සභාවේ සභාපති රොෂාන් නෝනිස් මහතා චෝදනා කරයි. එම ක්‍රීඩාංගණයට බැහැර කර ඇති අපද්‍රව්‍ය අතර ඩෙංගු මදුරුවන් බෝවීමට ඉවහල් වන ද්‍රව්‍ය රැසක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පෙන්වා දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සහ අවවාද කිරීම් සිදු කර ඇත.














