යාපනය, ගුරුනගර් ප්‍රදේශයේදී ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක් වූ ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සිය මිතුරෙකු සමඟ මත්පැන් පානය කරමින් සිට ඇති අතර එහිදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම අනතුර සිදුව ඇත.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මත්පැන් පානය කරමින් සිටි මිතුරා විසින් බියර් බෝතලයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 42ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර යාපනය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.














