ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) සාමාජිකයින් 12 දෙනෙකු දැනටමත් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇති බවත්, ඉදිරියේදී එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසනවා.
වත්මන් ආර්ථික හා දේශපාලන තත්ත්වය ගැන විවේචනයක් කරමින් ඔහු සඳහන් කරන්නේ වත්මන් පාලකයින් අනිවාර්යයෙන්ම රටේ පාලනය අත්හැරීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත්, එසේ රට භාර දෙන මොහොත වන විට භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම හිස් වී පවතිනු ඇති බව ඔහු පවසනවා. ඒ නිසා පසුව බලයට පත්වන ඕනෑම පාර්ශ්වයකට මේ ආර්ථික අර්බුදය ගොඩගැනීම ඉතාම අපහසු කාර්යයක් වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් අනාවැකි පළ කරන්නේ.














