ජපානයේ හොක්කයිඩෝ හි පිහිටි අසාහියාමා සත්වෝද්‍යානයේ සේවය කරන 30 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු තම බිරිඳගේ සිරුර සත්වෝද්‍යානයට අයත් ආදාහනාගාරයක දමා පැය කිහිපයක් පුළුස්සා දැමූ බවට පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ. පසුගිය මාර්තු මස අග සිට මෙම කාන්තාව පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති වීම හේතුවෙන් ඇයගේ හිතවතෙකු විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී මෙම තොරතුරු අනාවරණය වී ඇත. සැකකරු පවසා ඇත්තේ තමා සිරුර ආදාහනාගාරය තුළ පැය කිහිපයක් පුළුස්සා විනාශ කළ බවයි.
මෙම බියකරු සිදුවීමත් සමඟ සත්වෝද්‍යානයේ ගිම්හාන සමය ආරම්භ කිරීම ලබන සිකුරාදා දක්වා කල් දැමීමට බලධාරීන් තීරණය කර ඇති අතර, පොලිසිය දැනටමත් ආදාහනාගාරය සහ සැකකරුගේ නිවස පරීක්ෂාවට ලක් කර තිබේ. සිරුර ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන සත්වෝද්‍යානයට අයත් රථයක් ඇතුළු වාහන තුනක් පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත. සිදුවූ අසීරුතාව පිළිබඳව අසාහිකාවා නගරාධිපති හිරොසුකේ ඉමාසු මහතා ජනතාවගෙන් සමාව අයැද සිටි අතර, පරීක්ෂණ සඳහා නගර පාලනය පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළේය.













