ජපාන අභ්යවකාශ ගවේෂණ ඒජන්සිය විසින් අඟහරු ග්රහයාගේ විශාලතම උපග්රහයා වන ෆෝබෝස් වෙත විශේෂිත අභ්යවකාශ යානයක් යවා එහි සාම්පල ලබාගෙන නැවත පෘථිවියට පැමිණීමේ පෙරළිකාර මෙහෙයුමකට සූදානම් වන බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
මෙය සාර්ථක වුවහොත් අඟහරු පද්ධතියකින් පෘථිවියට සාම්පල රැගෙන එන ලොව පළමු අභ්යවකාශ මෙහෙයුම ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත. ෆෝබෝස් සහ ඩයිමෝස් යන උපග්රහයන් අඟහරුගේ ගුරුත්වයට හසු වූ ග්රාහකද නැතහොත් අතීතයේදී විශාල ග්රාහකයක් අඟහරු මත ගැටීමෙන් වෙන්වී ගිය කොටස්ද යන්න පිළිබඳව විද්යාඥයන් අතර පවතින මතභේදයට මෙමඟින් පිළිතුරු ලබාගත හැකි වනු ඇත. මෙම මෙහෙයුම සඳහා වසර 5ක කාලයක් ගතවනු ඇති අතර, ෆෝබෝස් වෙතින් සාම්පල රැගෙන පැමිණෙන කැප්සියුලය 2031 වසරේදී ඔස්ට්රේලියාව වෙත ගොඩබැස්වීමට නියමිතයි.














