ශ්රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් අද (20) දින සවස් කාලයේ සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, නිල්වලා ගඟේ තල්ගහගොඩ ප්රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කළු, ගිං, නිල්වලා, කැලණි ගංගා, අත්තනගලු ඔය සහ මහ ඔය ජල මට්ටම් ඉහළ අගයක පවතින බැවින් වර්ෂාපතනයත් සමඟ ජල මට්ටම් ක්ෂණිකව වැඩිවීමේ හැකියාවක් පවතින බවත්, උතුරු, උතුරු-මැද, මධ්යම සහ ඌව පළාත්වලට මෙන්ම ත්රිකුණාමලය දිස්ත්රික්කයටද ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් අනතුරු ඇඟවී ඇත.














