ජපානයේ පවතින ශ්‍රම බලකා හිඟයට පිළියමක් ලෙස සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් නව සහයෝගිතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
මෙම නව වැඩසටහන සම්බන්ධ ප්‍රධාන කරුණු පහත පරිදි වේ:
ජපානය විසින් 2027 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ‘කුසලතා සංවර්ධනය සඳහා වන රැකියා වැඩසටහන’ (Employment Program for Skill Development) යටතේ ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා හිමි වේ.
පවතින තාක්ෂණික සීමාවාසික පුහුණු වැඩසටහන සහ නිශ්චිත පුහුණු සේවක වැඩසටහනට අමතරව මෙම නව වැඩසටහන හඳුන්වා දී ඇත.
ශ්‍රමිකයන්ට ඉහළ ආරක්ෂාවක් සැපයීම, වෘත්තීය මාවතක් පැහැදිලි කිරීම සහ නිශ්චිත පුහුණු සේවක වැඩසටහන වෙත මාරු වීමට අවස්ථාව ලබා දීම මෙහි විශේෂත්වයයි.
මීට පෙර 2017 සහ 2019 වසරවලදී අත්සන් කරන ලද ගිවිසුම්වලට අමතරව, වඩාත් විනිවිදභාවයෙන් යුත් ශ්‍රමික සංචලන රාමුවක් සහිතව මෙම නව ගිවිසුම ක්‍රියාත්මක වනු ඇත.
මෙම යෝජනාව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.














