• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විගමණික ප්‍රජාවට සහන රැසක් සමගින් ජයගමු ශ්‍රි ලංකා ගම්පහට

4 April 2024
in දේශීය, පුවත්
විගමණික ප්‍රජාවට සහන රැසක් සමගින් ජයගමු ශ්‍රි ලංකා ගම්පහට

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “ජයගමු ශ්‍රි ලංකා” ජනතා ජංගම සේවය අප්‍රේල් 5 හා 6 දෙදින ගම්පහ නගර සභා ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

මෙහි සමාරම්භක වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 5 දින පැවැත්වීමට නියමිතය.

එම අමාත්‍යාංශය යටතේ පවතින තවත් ආයතන සමග ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම ජංගම සේවාවේ ප්‍රධාන සහභාගිත්වය සිදුකරයි.

මෙම ජංගම සේවා වැඩසටහන හා සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සුභසාධන වැඩසටහන් රැසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කොට තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි විගමණික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූදරුවන් සඳහා ශිෂ්‍යත්ව 220 ප්‍රදානය කිරීම හා පාසල් උපකරණ 852ක් බෙදා දීමට කටයුතු යොදා ඇති අතර, විදේශ රැකියාව අවසන් කර යළි දිවයිනට පැමිණි ශ්‍රමිකයින් සඳහා ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා ආධාර ලබාදීම, සාර්ථකව ව්‍යාපාරවල නියැලෙන ශ්‍රමිකයින් ඇගයීමට ලක්කිරීමටද නියමිතය. ස්වයං රැකියා ආරම්භ කර ඇති ශ්‍රමිකයින්ගේ භාණ්ඩ සහන මිලට අලෙවි කිරීම සඳහා වෙළඳපොලක්ද මෙම ප්‍රදර්ශන භූමියේදී පැවැත්වේ.

එසේම ආබාධිත විගමණික ශ්‍රමිකයින් සඳහා ඇස් කණ්ණාඩි හා රෝද පුටු ඇතුළු වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමටද නියමිත අතර, විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් අධ්‍යාපනය ලබන ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සඳහා පන්ති කාමරවලට අවශ්‍ය Smart Board 13ක් පිරිනැමීටද කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන හා සමගාමීව විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරිම හා ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය සංසදය පිහිටුවිමටද නියමිතය.

තවද, ඊශ්‍රාලයේ රැකියා සදහා ලියාපදිංචි කිරිම, බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මගින් විදේශ රටවල රැකියා අවස්ථා ලබාගැනීම සඳහාද තරුණ තරුණියන්ට මෙහිදී අවස්ථාව හිමිවන අතර, 05 වන දින රාත්‍රියේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කර තිබේ.

 

Post Views: 5,491
Previous Post

INSEE සංස්ථා, මෙවර SLIM Kantar සම්මාන උළෙලේ දී වසරේ නිවාස සහ ඉදිකිරීම් සන්නාමය පිදුම් ලබයි

Next Post

මෛත්‍රීපාලට පක්ෂ සභාපතිත්වයට තහනමක්.. අමරවීර ඇතුළු පිරිස අලුත් ගමනකට සැරසෙයි

editor ttvnews

editor ttvnews

Next Post
හිටපු ජනපති මෛත්‍රීපාල රහසිගතවම ඉන්දියාවට !

මෛත්‍රීපාලට පක්ෂ සභාපතිත්වයට තහනමක්.. අමරවීර ඇතුළු පිරිස අලුත් ගමනකට සැරසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved