• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බංකොලොත් භාවයෙන් රට මුදා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ සමඟ එක්වන්න – ජනපති

1 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පමණක් නොව අනාගතයේදී වඩා තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පසුගිය 29දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (SLID) මහා සභා රැස්වීම අමතමිනි.

මෙම වැඩපිළිවෙළ හරහා ලබන සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට බංකොලොත් භාවයෙන් මිදීමට හැකිවනු ඇතැයි පැවසූ ජනාධිපතිවරයා රජයේ එම ප්‍රයත්නයන්ට සහාය දැක්වීමට සාමූහිකව එක්වන්නැයි තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.

ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් මේ වන විටත් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, බැංකුකරුවන්, වාණිජ මණ්ඩල නියෝජිතයින් සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා; ” ලබන සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට බංකොලොත් භාවයෙන් මිදීමට හැකිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඔබ සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, වෙනත් ජාතියක වේවා බංකොලොත් යැයි කියන්න කිසිවෙක් කැමති නැහැ. පුද්ගලයන් වශයෙන් ඔබ එයට අකමැති නම් ඔබට සාමුහිකව මෙම ලේබලය අලවා ගැනීමට අවශ්‍ය නොවන බව මම දන්නවා. ඒ නිසා මෙම බංකොලොත්භාවය යන ලේබලය ඉවත් කර ගැනීමට අප සියලුදෙනා සාමූහිකව කටයුතු කළ යුතුයි. පසුගිය නොවැම්බර් මාසයේ දී අප “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” ඉදිරිපත් කළා. දැන් එය ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත් අවශ්‍යයි. එම සම්පත්වලින් අඩක් රාජ්‍ය අංශයෙන් ද අනෙක් කොටස පෞද්ගලික ආයෝජනවලින් ද සපුරා ගැනීම අපේ අපේක්ෂාවයි. එසේ නම් අප මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතුයි. අප මෙයින් ඉවත් වුවහොත් ලෝක බැංකුවෙන් අපට ලබාදීමට නියමිත ඩොලර් මිලියන 700ක් අහිමි වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දෙවන සමාලෝචනය ද අසාර්ථක වේවි. ඒ වගේම ප්‍රංශයේ පැරිස් නුවර පැවති නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ලෝක නායකයන්ගේ සමුළුවට සහභාගී වීමට මට අවස්ථාව ලැබුණා. ණය සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා. රටවල් ණය බරින් පීඩා විඳින විට දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව අඩු වෙනවා. මෙම සමුළුට අපට ආරාධනා කරනු ලැබුවේ මෙම ක්ෂේත්‍රය තුළ අප මෙතෙක් අත්කරගෙන තිබෙන සාර්ථකත්වය සහ ඒ සඳහා ලබාදී ඇති දායක්තවය නිසයි. එසේම ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ණය තිරසරභාවය සහ දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දීමේ ක්ෂේත්‍රයේ වඩා ක්‍රියාකරී භූමිකාවක් ඉටු කිරීම ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවට වර්ධන න්‍යාය පත්‍රයක් තිබෙන අතර ඒ සඳහා අප ප්‍රථමයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යා යුතුයි. මම ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කළා. එසේම මේ වන විට අප බැංකුකරුවන්, වාණිජ මණ්ඩල නියෝජිතයන් වගේම වෘත්තීය සමිති හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. පසුගිය ආර්ථික අභියෝගය හමුවේ අප සියලුදෙනා දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. දැන් අප වර්ධන න්‍යාය පත්‍රයක් සමඟ ඉදිරියට යා යුතුයි. රටේ ආර්ථිකය පුළුල් කරන විට සාධාරණත්වය ද තිබිය යුතුයි. කිහිප දෙනෙකුට ධනවත් වීමට නොහැකි අතර අනෙක් අයට අඩු ආදායම්ලාභී හෝ මධ්‍ය අදායාම්ලාභීන් ලෙස සිටිය නොහැකියි. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කළ පසු, අපගේ සමාජ වගකීම කුමක්ද කියා සාකච්ඡා කරන ලෙස මම වාණිජ මණ්ඩල, වෘත්තිකයින්, වෘත්තීය සමිති, ගොවි ජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. සියලුදෙනා මෙයට දායකකරගත යුතුයි. සියලුදෙනාට මෙහි ප්‍රතිලාභ ලැබිය යුතුයි. ණය ප්‍රශස්තකරණ වැඩසටහන පිළිබඳ ඔබගේ සාමාජිකයන් දැනුවත් කරන ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් බිය වීමට කිසිදු දෙයක් නැති බවත් මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමේ ප්‍රධාන කොටසක් බවත් ජනතාවට අවබෝධ කර දිය යුතුයි. රටේ මෙම තීරණාත්මක අවධිය පසුකර අප ඉදිරියට යා යුතුයි. ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට පමණක් නොව, වඩා තරගකාරී ආර්ථිකයක් සඳහා යොමුවීමටත් මෙමගින් හැකියාව ලැබෙනවා. තවද අග්නිදිග සහ නැගෙනහිර ආසියානු වෙළෙඳපොළට ශ්‍රී ලංකාව ඇතුළත් කරන කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය වන RCEP හා සම්බන්ධවීමට ඉදිරි මාසයේ දී අප අයදුම්පතක් යොමු කරනවා. ඒ වගේම නිදහස් වෙළෙඳ ගිවිසුම් වැඩිදියුණු කිරීම පිළිබඳ අප ඉන්දියාව සමඟ සාකච්ඡා කළා. පසුව යුරෝපා සංගමය සමඟ අපේ වෙළෙඳ ගිවිසුම් පුළුල් කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා. අපි තරගකාරි ආර්ථිකයක් බවට පත්විය යුතු අතර මේ එහි ආරම්භය බව කිවයුතු යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සාමාජික සාමාජිකාවන් මීට එක්ව සිටියහ.

 

Post Views: 2
Previous Post

රාගම මරණයත් බාල ඖෂධයක් නිසාදැයි බරපතල සැකයක් – රවි කුමුදේශ්

Next Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මතයි

editor

editor

Next Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved