වත්මන් රජය කිසිදා පෙරලිය නොහැකි “පර්වතයක්” ලෙස සිතා කටයුතු කරන්නේ නම් එය බරපතළ වැරදීමක් බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
අතීතයේ තම රජයන් පවා එවැනිම දැවැන්ත බලයක් සහිතව සිටි බවත්, ජනතා මතය හමුවේ එම බලය වෙනස් වූ ආකාරයත් ඔහු සිහිපත් කළේය. “ඔහොම තමයි අපිත් හිතාගෙන හිටියේ, පර්වතයක් වගේ කියලා. හැබැයි ජනතාව තීන්දුව ගත්තම ඕනෑම පර්වතයක් පෙරලෙනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ජනතා ප්‍රසාදය සහ බලය සැමදා එකසේ නොපවතින බවත්, ආණ්ඩුව දැඩි මතධාරී පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් එහි විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.














