දෙවරක් ටුවර් ඩි ෆ්‍රාන්ස් ශූරතාව දිනාගත් ජෝනාස් වින්ගගාඩ් අද (19) පැවැති තරගාවලියේ 15 වන අදියරේදී සිදුවූ දරුණු අනතුරක් හේතුවෙන් තරගයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
තරගය අවසන් වීමට කිලෝමීටර් 20ක් පමණ තිබියදී වින්ගගාඩ් සහ ඔහුගේ කණ්ඩායම් සගයා වන සෙප් කුස් (Sepp Kuss) මෙන්ම ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු ද අනතුරට ලක්විය. අනතුරෙන් පසු වින්ගගාඩ්ගේ දකුණු අතෙහි ආබාධයක් දක්නට ලැබුණු අතර, ඔහු දැඩි වේදනාවෙන් පසුවනු දැකගත හැකි විය. පසුව ඔහුව ගිලන් රථයකින් රෝහල්ගත කිරීමට කටයුතු කෙරිණි.
අනතුරට ලක්වූ සෙසු ක්‍රීඩකයින් තිදෙනාටම තරගය දිගටම කරගෙන යාමට හැකි වුවද, වින්ගගාඩ්ට තරගයෙන් ඉවත් වීමට සිදු විය.
මෙම අදියර ආරම්භ වන විට, සමස්ත ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයේ පසුවන තඩේ පොගාචාර් (Tadej Pogacar), දෙවන ස්ථානයේ පසුවූ වින්ගගාඩ්ට වඩා මිනිත්තු 4යි තත්පර 30ක පෙරමුණක් ලබාගෙන සිටියේය.
















