ජෝර්දානයේ කරක් (Karak) ප්රදේශයේ ග්රීක ඕතඩොක්ස් දේවස්ථානයක පැවති අවමංගල්ය උත්සවයක් අතරතුර සිදු වූ වෙඩි ප්රහාරයකින් මියගිය පුද්ගලයන් සංඛ්යාව අට දක්වා ඉහළ ගොස් තිබේ.
ඔක්තෝබර් 23 වැනිදා හමූද් (Hamoud) ගම්මානයේ පිහිටි දේවස්ථානයේදී මෙම ප්රහාරය එල්ල වී ඇති අතර, තවත් පුද්ගලයන් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. බරපතළ තුවාල ලබා ප්රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මියයාමත් සමඟ මරණ සංඛ්යාව ඉහළ ගොස් තිබේ.
මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවන් තිදෙනෙකු ප්රහාරයට සම්බන්ධ බවට වාර්තා වන අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජෝර්දාන ආරක්ෂක අංශ මෙහෙයුම් ක්රියාත්මක කර ඇත. මේ වන විට ප්රහාරකයන්ගේ අනන්යතාව හෝ ඔවුන් කිසියම් සන්නද්ධ සංවිධානයකට සම්බන්ධද යන්න තහවුරු වී නොමැත.
ජෝර්දාන බලධාරීන් මෙම සිදුවීම ත්රස්ත ප්රහාරයක් ලෙස හඳුන්වා ඇති අතර, දෙවන අබ්දුල්ලා රජු වගකිවයුත්තන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ප්රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සහ ආරක්ෂක සෝදිසි කිරීම් තවදුරටත් ක්රියාත්මකයි.
















