ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (DHS) ප්‍රති-ත්‍රස්තවාදී අංශයේ නියෝජ්‍ය සහකාර ලේකම්වරිය ලෙස කටයුතු කළ 29 හැවිරිදි ජූලියා වර්වාරෝ (Julia Varvaro), අයථා සබඳතා පැවැත්වීම, සුඛෝපභෝගී තෑගි ලබා ගැනීම සහ මත්ද්‍රව්‍ය භාවිතය යන චෝදනා මත පරිපාලන නිවාඩු ගන්වා සේවයෙන් ඉවත් කර තිබේ. dating app හරහා හඳුනාගත් පුද්ගලයෙකුගෙන් මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ ඩොලර් 40,000ක (රුපියල් කෝටියකට අධික) තෑගි ලබා ගත් බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
මෙම සිදුවීම අනාවරණය වී ඇත්තේ “රොබට්” නමැති දික්කසාද වූ පියෙකු විසින් ඉදිරිපත් කරන ලද නිල පැමිණිල්ලකට අනුවය. ඔහු පවසන පරිදි ජූලියා වර්වාරෝ ‘Seeking’ නමැති වෙබ් අඩවියක “Alessia” යන ව්‍යාජ නමින් පෙනී සිටිමින් ධනවත් පුද්ගලයින් සමඟ සබඳතා පවත්වා ඇත. කෙසේ වෙතත් ජූලියා වර්වාරෝ මෙම සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ මෙවැනි ඉහළ තනතුරක් දරන නිලධාරිනියක මෙවැනි චෝදනාවලට ලක්වීම එරට දේශපාලන සහ ආරක්ෂක අංශ තුළ දැඩි කතාබහට ලක්ව ඇති කරුණකි.














