කඩවත ප්‍රදේශයේ මිශ්‍ර පාසලක වාර විභාගය ලියමින් සිටි 10 වැනි ශ්‍රේණියේ සිසුන් පිරිසකගේ කොණ්ඩය කැපූ විනය භාර ගුරුවරියක පිළිබඳව තොරතුරු වාර්තා වේ.පසුගිය අප්‍රේල් 29 වැනිදා වාර විභාගය පැවැත්වෙමින් තිබියදී, ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියමින් සිටි සිසුන්ගේ හිසකෙස් පිළිතුරු පත්‍ර මතට වැටෙන සේ කපා දැමීමට අදාළ ගුරුවරිය කටයුතු කර ඇත. මෙම පන්තියේ සිසුන් දෙදෙනෙකු හැර අනෙක් සියලුම සිසුන්ගේ හිසකෙස් මෙලෙස කපා දමා ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් සිසුන් දැඩි මානසික අපහසුතාවයකට පත්ව තිබේ.
ගුරුවරියගේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය පිළිබඳව දෙමාපියන් කැලණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කර ඇත. එමෙන්ම ඇයට එරෙහිව නීතිමය පියවර ගැනීමටද දෙමාපියන් කටයුතු කරමින් සිටියි.
හිසකෙස් කපා දැමීමෙන් පසු සිසුන් බාබර් සාප්පුවලට ගොස් ඒවා සකස් කිරීමට උත්සාහ කළද, හිසකෙස් ඉතාම අපිළිවෙළට කපා තිබීම නිසා ඒවා යළි සකස් කිරීම අපහසු බව කරණවෑමියන් පවසා ඇත.














