කඩුගන්නාව නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් වෙත භාණ්ඩ ප්‍රවාහනය කළ ලොරි රථයක සිරවීමෙන් 24 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ලැව්රිවත්ත ප්‍රදේශයේ සිට කඩුගන්නාව දක්වා ආහාර ද්‍රව්‍ය රැගෙන පැමිණි ලොරි රථය ප්‍රධාන මාර්ගයේ සිට ගබඩාව දෙසට පසුපසට ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුව ඇත. එහිදී ලොරි රථයේ සහයකයා රථයේ පසුපස කොටස සහ ගබඩාවේ බිත්තිය අතර සිරවීමෙන් බරපතල තුවාල ලබා මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ලොරි රථයේ රියදුරුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ඔහු කඩුගන්නාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














