රෝගී ජනතාවට වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම හා සුවපහසු සෞඛ්‍ය සේවාවක් සැලසීමේ අරමුණින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ නවීකරණය කරන ලද ඒකක සහ වැඩිදියුණු කරන ලද යටිතල පහසුකම් රැසක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (16) පෙරවරුවේ රෝගී සත්කාර සේවාව සඳහා නිල වශයෙන් එක්කරන ලදි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 134කට අධික වටිනාකමකින් යුතුව ක්‍රියාත්මක කරන ලද මෙම සංවර්ධන වැඩසටහන යටතේ රෝහලේ බාහිර රෝගී අංශය, ප්‍රධාන ඖෂධාලය, සායන, වාට්ටු වෙත පිවිසෙන කොරිඩෝ, 21 සහ 22 වාට්ටු, සෞඛ්‍ය අධ්‍යාපන හා මහජන සෞඛ්‍ය සේවා සිදු කරන ගොඩනැඟිල්ල, මනෝ වෛද්‍ය ප්‍රතිකාර වාට්ටුව, වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරය සහ හෙද මෙන්ම කනිෂ්ඨ කාර්ය මණ්ඩල විවේක කාමර නවීකරණය කර ඇත. මීට අමතරව, අලුතින් ඉදි කරන ලද සුළු සේවා පාලක කාර්යාලය විවෘත කිරීම සහ රෝහලේ පරිහරණය සඳහා ත්‍රිරෝද රථයක් භාරදීමද මෙහිදී සිදු විය.
මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර, කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය මධුභාෂිනි කරුණාරත්න ඇතුළු වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.














