කළුතර දකුණ, බෝධියාවත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (15) සවස ඇතුළු වූ පිරිසක් පෙට්‍රල් දමා නිවස ගිනිබත් කර තිබේ. මෙම නිවස ඉලක්ක කර ප්‍රහාරය එල්ල කර ඇත්තේ මීට මාසයකට පෙර හෙරොයින් කිලෝවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට (STF) තොරතුරු ලබාදීම හේතුවෙන් බව වාර්තා වේ.
ගින්න හටගන්නා අවස්ථාවේ නිවස තුළ හිමිකරු, ඔහුගේ මව සහ තවත් අයෙකු සිට ඇති අතර, එක් පුද්ගලයෙකු පිළිසුම් තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය මැදිහත් වී ගින්න පාලනය කර ඇති අතර, කළුතර දකුණ පොලිසිය මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.














