දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට විධිමත් ලෙස සිදු වෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල මහතා පවසයි.ඒ මහතා පවසන පරිදි, ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර මහනුවර දුම්රිය මාර්ගය මේ වසර අවසන් වන විට දුම්රිය ධාවනය සඳහා යළි විවෘත කිරීමට හැකි වනු ඇත.














