ප්‍රංශයේ මාර්සේයි (Marseille) නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ සිය සංගීත ප්‍රසංගය දින නියමයක් නොමැතිව කල් දැමීමට ඇමරිකානු රැප් ගායන ශිල්පී කන්යේ වෙස්ට් පියවර ගෙන තිබේ මෙම ප්‍රසංගය පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන්ට් නූනෙස් (Laurent Nunez) බලධාරීන්ගෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
ප්‍රසංගය කල් දැමීමට හේතුව පිළිබඳව නිල වශයෙන් නිවේදනය කර නොමැති වුව ද ප්‍රංශ රජය සහ කන්යේ වෙස්ට් අතර පවතින යම් යම් මතභේදාත්මක තත්ත්වයන් මීට බලපා ඇති බව විශ්ලේෂකයෝ පවසති ලෝක ප්‍රකට සංගීත ශිල්පියෙකු වන කන්යේ වෙස්ට්ගේ මෙම තීරණය නිසා ඔහුගේ ප්‍රංශ රසිකයන් දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර ප්‍රසංගය සඳහා ප්‍රවේශ පත්‍ර ලබාගත් පිරිසට සිදු වූ දේ පිළිබඳව ද මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත














