මෙක්සිකෝවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන රේමුන්ඩෝ රාමොස් (Raymundo Ramos) ප්‍රබල මත්ද්‍රව්‍ය කල්ලියක් වෙනුවෙන් රහසිගතව කටයුතු කරන බව පවසමින් ඇමරිකානු රජය ඔහුට එරෙහිව සම්බාධක පනවා තිබේ වසර දහයකට වැඩි කාලයක් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස පෙනී සිටිමින් මෙක්සිකානු හමුදාවට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කර ඇති බවත් ඒ හරහා Cartel of the Northeast (CDN) නම් මත්ද්‍රව්‍ය කල්ලියේ සාමාජිකයන් ආරක්ෂා කර ඇති බවත් ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව චෝදනා කරයි
රාමොස් මහතා විසින් මීට පෙර මෙක්සිකානු ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද නීති විරෝධී ඝාතන සහ පැහැර ගැනීම් පිළිබඳ වීඩියෝ සාක්ෂි සහිතව කරුණු හෙළිදරව් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් හමුදා නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ ද ක්‍රියාත්මක විය ඇමරිකාව පවසන්නේ මෙම ක්‍රියාකාරකම් මගින් මත්ද්‍රව්‍ය කල්ලියේ ප්‍රතිරූපය නැංවීමට සහ රජයේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන අපකීර්තියට පත් කිරීමට ඔහු කටයුතු කර ඇති බවයි පනවන ලද සම්බාධක යටතේ ඔහුගේ ඇමරිකානු වත්කම් තහනම් කර ඇති අතර ඕනෑම ඇමරිකානු පුද්ගලයෙකුට ඔහු සමඟ ගනුදෙනු කිරීම ද තහනම් වේ














