27 April 2024
#දේශීය

කරාපිටිය නව මාතෘ රෝහල කඩිනමින් රෝගී ප්‍රතිකාර සඳහා -සෞඛ්‍ය ඇමැති කෙහෙලිය

ජර්මන් රජයේ ආධාර යටතේ ගාල්ල, කරාපිටිය ඉදි කෙරෙන සය මහල් නව මාතෘ රෝහලේ ඉදි කිරීම් කඩිනමින් අවසන් කර රෝගී ප්‍රතිකාර සේවාවන් සඳහා යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව මෙම රෝහලේ ඉදි කිරීම් තවදුරටත් පමා නොවිය යුතු බවත් ඉතා කඩිනමින් එය රෝගී ප්‍රතිකාර සේවා සඳහා යොමු කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසිය.

ජාතික සම්පතක් වන මෙම රෝහලෙහි නිසි කලට නිසි පරිදි වැඩකටයුතු නොවීම ගැන කණගාටු වන බව මෙහිදී පැවැසූ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සදහා වර්තමානයේ එහි ඉදිකිරීම් බාරව සිටින කොන්ත්‍රාත්කරුවන් වගකිව යුතු බවද පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතෘ රෝහලේ ඉදිකරිම් කටයුතු ඇතුළු වත්මන් තත්ත්වය පසුගියදා නීරික්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කිසිවෙකුට ඇගිල්ල දිගුකර, වරද කීමෙන් ඵලක් නොමැති බවත්, ඉතිරි වැඩ කටයුතු අවසන් කර ගැනිම සදහා ක්‍රමවේදයක් සකසා ගැනිම සිදුකළ යුතු බවයි.

 

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ.) වෛද්‍ය ජී.විජේසූරිය යන මහත්වරු සහභාගී වූහ.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *